ගින්නෝරුව විදුහලේ ගුරු මව්පිය සැමරුම ....
ලෝක ගුරු දිනය වෙනුවෙන් අප පාසලේ 11 ශ්‍රේණිය ප්රමුඛ අනෙක් සිසු දරුවන්ගේ හා දෙමව්පියන්ගේ සහයෝගීතාවයෙන් ගුරු මව්වරු හා පියවරු වෙනුවෙන් සැමරුම් දිනයක් සූදානම් කර තිබුණි. මෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ මෙම පාසලේ හිටපු ආචාර්යවරයෙකු වූ R.M.D. කුමාරදාස මහතායි. මෙහිදී ගීත නාට්‍යය නැටුම් වැනි විනෝදාස්වාද කටයුතු ද විනෝදජනක ක්‍රීඩා ද ගුරුවරුන් වෙනුවෙන් සංවිධානය කර තිබුණි. එමෙන්ම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා හා නායිකාව, උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා හා නායිකාව සඳහා නිල ලාංඡන පැලඳවීමද එදිනම සිදු කරන ලදී.