
ඌව වෙල්ලස්ස අභිමානය සුරකිමින් හෙට ලොවට නිපුණතා වලින් සපිරි දරුවකු බිහි කිරීම.

සුන්දර ඌව වෙල්ලස්සේ බදුල්ල දිසාවේ රමණීය බිම්තැන්නේ පිහිටි අපගේ විදු මෑණියන්,
මල් කැකුළු වන් දුවා දරුවන් සියදහස් ගණනක් සිප්සතරින් හා දැනුමින් මනාව පෝෂණය කර,
රට දැයට පුදන පින්බර විදු මාතාවකි.
අප විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර
එකොළොස් වසරක අඛණ්ඩ අධ්‍යාපනයෙන් පසු හෙට ලොව දකින්නට,
දුවා දරුවන්ගේ නැණ පහන් දැල්වීම අප විදුමාතාවගේ ප්‍රධාන අපේක්ෂාවයි!!!

"සමස්ථ ගුරු පරපුරේ හැකියාවන් හා කුසලතා දකිමින්,සම්පත්වලින් මහත් ඵල ලබමින් දෙමාපියන්ගේ අනාගත අපේක්ෂාවන් මල් ඵල ගන්වන්නට උත්සහ දරමින්, ජාතියේ ජීවනාලිය බඳු වූ දරු පරපුර පෙරටු කරගෙන සමස්ථ ප්‍රජාවට ප්‍රශස්ථ වූත් සේවයක් ඉටු කිරීම."