අප පාසලේ ඉදිරි දියුණුව උදෙසාත්, සිසුන් මනා විනයක් , ශික්ෂණයකින් හෙබි මිනිසෙකු බවට පත් කිරීම සදහාදත් බ/ ගින්නෝරුව කණිෂ්ඨ විද්‍යාලය මගින් පනවා ඇති නීති රීති පහත දැක්වේ.
- පෙ. ව 7.00 ට පමණ පෙර පාසලට පැමිණි ඔබට නියමිත වැඩ කටයුතුවල නිරත විය යුතුය.
- නියමිත නිළ ඇඳුම ඇඳ පිරිසිදුව පාසලට පැමිණිය යුතුය.
- ඔබේ පාසල පවිත්‍රව අලංකාරව තබා ගැනීමට උනන්දු විය යුතුය.
- විදුහලේ ආචාර්ය මණ්ඩලයට කීකරු විය යුතුය සහ ගරු කළ යුතුය.
- ශිෂ්‍ය නායක නායිකාවන්ට සහ පන්ති නායක නායිකාවන්ට අවනත විය යුතුය.
- විදුහලේ සියලුම සිසු සිසුවියන් සමඟ සහයෝගයෙන් හා එකමුතු කමින් කටයුතු කළ යුතුය. හැකි සෑම විටම ඔවුන්ට උදව් කළ යුතුය.
- පාසල් පොත් පත් වලට පිට කවර දමා පිරිසිදුව පවත්වා ගත යුතුය.
- පාසලේ සියළු දේපල තමන්ගේ සේ සලකා ආරක්ෂා කරගත යුතුය .
- දිනපතා පාසල් පැමිනීම අවශ්‍ය වන අතර අසනීප තත්ත්වයක දී හෝ විශේෂ හේතු මත පාසලට නො පැමිණිය හැකිය එවැනි අවස්ථාවකදී පන්තිභාර ගුරුතුමා හෝ ගුරුතුමිය දැනුවත් කළ යුතුය.
- විද්‍යාලයට අගෞරව නොවන ලෙස හැසිරීමට හා ප්‍රිය වචන කතා කිරීමට වගබලාගත යුතුය.
- විවේක කාලය තුළදී සිසුන් විද්‍යාල භූමියෙන් පිටතට යාම සපුරා තහනම් වන අතර නිවසින් ගෙනා හෝ පාසල් භෝජනාගාරයෙන් ලබාගත් ආහාර ගැනීම සිදුකළ යුතුය.
- නිවසේ දී ද සිසුන් ඉතා ඕනෑකමින් අධ්‍යාපන කටයුතුවල නිරත විය යුතුය.
- විවේක කාලයේදී හැර තම පන්ති කාමරයෙන් පිටත රැඳී නොසිටිය යුතුය.
- විෂයානුබද්ධ හෝ විෂය පරිබාහිර කටයුතු වලදී පන්තියෙන් බැහැර වේ නම් නිශ්ශබ්දව පෝලිමකට ගමන් කළ යුතුය.
- පාසල තුලට දුරකථන CD/ VCD /DVD ආදී සංයුක්ත තැටි නොගැලපෙන ලිපි ලේඛන, දුම්වැටි, මත්ද්‍රව්‍ය හා වටිනා භාණ්ඩ ගෙන ඒම හා ළඟ තබා ගැනීම සපුරා තහනම්ය .
- විභාග සහතික පාසල් සහතික ලබාගැනීමට අඟහරුවාදා දිනයේදී පැමිණිය යුතුය.
- පාසලට දිවා ආහාර රැගෙන ඒමේදී පරිසරය අපවිත්‍ර වීමට හේතු වන පොලිතීන් රැගෙන නොයා යුතුය.
- පාසලට පැමිණි පසු මොනම හේතුවක් නිසාවත් අවසරයකින් තොරව පාසල් භූමියෙන් බැහැර වීම තහනම් ය.