අති රමණීය වූ දිය ශීරා කඩා හැලෙන සුන්දර ඌව වෙල්ලස්සේ බදුල්ල දිසාවේ බිම්තැන්නේ කෙසෙල් කනන්න හෙවත් ගිනිගත් ඔරුව ( ගින්නෝරුව ) ග්‍රාමයේ දරුවා දරුවන් ට සිප් සතර ඉගෙන ගන්නට පාසල් ඉදි වන්නේ එදා මෙදා තුර මෙම ගම්මානයෙන් රටට දැයට ගුණ යහපත් පුරවැසියන් දායාද කිරීමේ අරමුණිනි. අප පාසල ආරම්භ කීරීමට හේතු පාදක වූයේ මහවැලි සංවර්ධන අධිකාරිය මගින් අක්කර 5 භූමි ප්‍රමාණයක් වෙන් කිරීම නිසා ය. මෙම පාසල 1984.05.10 වන දින ආරම්භ කළ අතර 1984.12.26 වන දින බ/1/1/491 යටතේ මෙරට පාසලක් ලෙස ලියාපදිංචි කලේය . අප පාසල ආරම්භ කීරීමට ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ නේවාසික ව්‍යාපාර කළමනාකරණවරයා සහ සේනක සමරසිංහ මහතා පුරෝගාමීව කටයුතු කර තිබේ. ආරම්භයේදී එක් ගොඩනැගිල්ලකින් සමන්විත වූ මෙහි මුල් වරට සිසුන් 10 දෙනෙකු ඉගෙනුම ලැබූහ. . මුල් ම විදුහල්පතිවරයා සහ මුල්ම ගුරුවරයා වුයේ J. යටිරාගල මහතාය . එතුමා 1996.08.08 දක්වා අප පාසලේ සේවය කර විශ්‍රාම ගියේය . මෙසේ අප පාසල ආරම්භ වී කාලයක් ගත වෙත්ම සිදු වූ ප්‍රතිසංස්කරණ කටයුතු පහත දැක්වේ.
- පාසල ආරම්භ වී වසර කිහිපයකට පසු පාසලේ ඉල්ලීමකට අනුව ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාගේ ප්‍රතිපාදන හා ප්‍රදේශවාසීන්ගේ ශ්‍රම දායකත්වයෙන් පාසලේ පිවිසුම් දොරටුව ඉදි කළේය .
- එවකට ගින්නෝරුව ග්‍රාම නිලධාරිවරයා වූ M චන්ද්‍රදාස මහතාගේ සුභ සාධන අරමුදලින් පාසලේ සනීපාරක්ෂක පද්ධතියක් ඉදි කළේය.
- මීට වසර කිහිපයකට පෙර අප පාසලේ උමයංග ගුරුතුමාගේ මග පෙන්වීම යටතේ NDB ආයතන මගින් අප පාසලට ක්‍රිඩා උපකරණ හා තවත් බොහෝ දෑ පරිත්‍යාග කළේය.