ගින්නෝරුව කණිෂ්ඨයේ ලෝක ළමා දින සැමරුම…
ඔක්තෝබර් මස 01 වන දිනට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් අප පාසලේ ගරු විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු ම ගුරුවරුන් හා දෙමව්පියන් එකතු වී එදිනට සමගාමීව බොහෝ කටයුතු සංවිධානය කර තිබූණි. උදෑසන කාලයේදී නාට්‍ය, ගීත, නැටුම් ආදිය රසවිඳි අතර ළමා දිනයේ මෙවර තේමාව හා ළමයින් සතු අයිතිවාසිකම් හා ඔවුන්ට අද වන විට මුහුණ දීමට සිදු වන තර්ජන හමුවේ ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳ හරවත් මාර්ගෝපදේශනයක් මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අනුග්‍රහයෙන් සිදු කරන්නට යෙදුණි . මෙම දේශනයන් පසුව දෙමව්පියන්ගේ අනුග්‍රහයෙන් පිලියෙල කරන ලද දිවා ආහාරය දරුවන් වෙත ලබා දෙන ලදී. ඉන් පසු අවසාන හෝරා කිහිපයේ දී දරුවන්ගේ විනෝදාස්වාදය සඳහා ගීත හා නර්ථන ඇතුළත් එළිමහන් ක්‍රියාකාරකම් කිහිපයක නිරතවූ අතර ප.ව. 1:30 ට පමණ සියලු දෙනා පාසලෙන් නික්මී ගියහ.