විදුහල්පති පණිවිඩය
ගින්නෝරුව කනිෂ්ඨ විද්‍යාලය
විදුහල්පතිතුමාගේ පණිවුඩය.......
ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා වන සී. ඩබ්. ඩබ් කන්නන්ගර මැතිතුමා ශ්‍රී ලංකාවට හදුන්වා දුන් නිදහස් අධ්‍යාපනය මෙරට සියලු දූ දරුවන්ගේ නැණ පහණ දැල්වීමට බෙහෙවින් උපකාර වීම නොරහසකි.
එදා මෙදාතුර විවිධ හැල හැප්පීම්වලට භාජනය වෙමින්, නවීකරණය වෙමින් අද දක්වාම ඇදී ආ භෞතික සම්පත් හා මානව සම්පත් බෙදී යාමේ යම් යම් විෂමතාවයන් ඇති බව සක්සුදක් පෙනී ගිය කරුණකි. වත්මන් අධ්‍යාපනඥයන් විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නිදහස් අධ්‍යාපනයට නව අරුතක් දෙමින් මානව හා භෞතික සම්පත් බෙදී යාමේ අසමතුලිතාවය කොතරම් තිබුණද අපි අපගේ මූලික අරමුණ වෙත ළගා වීමට නොයෙක් ආකාරයේ ක්‍රමෝපායන් යොදා ගනියි. මෙම කාර්යයද අපගේ අනාගත අපේක්ෂාවන් වෙත ගමන් කිරීමේ මාර්ගයේ තවත් එක් දිගුවක් ලෙස සනිටුහන් කරණු කැමැත්තෙමි.
සම්පත් ඌණතාවය, තාක්ෂණික දෝෂ (සංඥා පහසුකම් නොමැති වීම) කර්මයක් සේ උරුම කරගත් දරුවන් ලෙසට “තාක්ෂණික ගෝලීය කරනයේ” මං පෙත් විවර කර දෙන්නට උත්සාහ දරන සැවොම ඉතා බැතියෙන් සිහිපත් කරමි.
මෙම සත්කාරයන්ට උරදෙන සැමට බැති සිතින් මාගේ ස්තූතිය පුද කරමි. ගින්නෝරුව විදුහලේ දරුවන්ගේ අනාගතය, විවර වෙන ලෝකයේ මං පෙත් තුළින් ජයගන්නට හැකිවේවායි ප්‍රර්ථනා කරමි.
සැමට ස්තූතියි !!